රික්ත ප්ලාස්කුව
රික්ත ප්ලාස්කුවක් යනු, තාප පරිවරණය ඇති කරලනු වස්, අන්තර්ගතය හා පරිසරය අතරමැද, පදාර්ථය ඉවත් කල කලාපයක් බහාලීමෙන්, එහි අන්තර්ගතය අවට පරිසරයට වඩා උණුසුම්ව හෝ සිසිල්ව හෝ තබා ගන්නා භාජනයකි. එය ප්ලාස්කු දෙකකින් සමන්විත වන අතර, ඒවා එකක් අනෙක තුල බහා ගෙලෙහිදී එකිනෙකට සම්බන්ධ කොට ඇත. ප්ලාස්කු දෙක අතර පරතරය භාගික වශයෙන් වාතය හිස් කර, රික්තයකට-ආසන්න තත්ත්වයක් ඇති කොට ඒ මගින් සන්නයනය හෝ සංවහනය මගින් තාපය හුවමාරුව වලක්වයි.මෙහි සඳහන් වෙන රික්තය තාප පරිවරණය ජනිත කරලීම සඳහා භාවිත වේ; අන්තර්ගතය රික්ත තත්ත්වයන් යටතේ නොපවතියි.
1892 දී භෞතිකඥ හා රසායනඥ ශ්‍රීමත් ජේම්ස් ඩ්‍යුවර් විසින් සොයගන්නා ලද රික්ත ප්ලාස්කුව, ඇතැම් විටෙක එහි නිවැවුම්කරු අනුව යමින්, ඩ්‍යුවර් ප්ලාස්කුව ලෙසද වැහැරේ. තර්මොස් GmbH නමැති ජර්මානු සමාගම පිහිටුවීමෙන් පසුව, 1904 වසරෙහිදී වාණිජ්‍යය භාවිතය සඳහා රික්ත ප්ලාස්කු පළමු වරට නිපැයෙන ලදි. ඔවුන්ගේ ප්ලාස්කු සඳහා ඔවුන් භාවිතා කල වෙළෙඳ-නාමය වන තර්මොස් යන්න, සමහරක් රටවල ලියාපදිංචි කල වෙළෙඳ-ලකුණක් ලෙස තවමත් ව්‍යවහාර වුවද, 1963 දී එක්සත් ජනපදය විසින් එය ගණීයකෘත වෙළෙඳ-ලකුණක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, පොදුවේ ගත් කල එය රික්ත ප්ලාස්කුව යන පදය හා සමග ජන වහරෙහිදී තුල්‍යාර්ථයක් දරයි; ඇත්ත වශයෙන්ම, ගෘහස්ත තර්මොස් ප්ලාස්කුවක් පිළිබඳ දෙඩීම, රික්ත ප්ලාස්කුවක් පිළිබඳ සඳහනකට වඩා මුවට හුරුබවක් දනවයි.
මෙහෙයුම් සිද්ධාන්තය
[සංස්කරණය]ප්‍රායෝගික රික්ත ප්ලාස්කුවක් යනු වීදුරු, ලෝහ, හෝ ප්ලාස්ටික් වලින් තැනූ හා කුහර බිත්ති වලින් හෙබි බෝතලයකි; ඇතුලාන්ත හා පිටස්තර බිත්ති අතර පිහිටි පටු කලාපය තුල වාතය ඉවත් කොට ඇත. ගෙල පෙදෙසෙහිදී මුද්‍රා තැබෙන අයුරින් එකිනෙක හා සම්බන්ධ වුනු, එකක් ඇතුළත අනෙක බහාලුනු හා තුනී බිත්ති වලින් සැදි බෝතල දෙකක් ලෙසද මෙය සැලකිය හැක.
රික්තයක් පරිවාරකයක් ලෙස භාවිතා කිරීමෙන්, සංනයනය හෝ සංවහනය මගින් තාපය සංක්‍රමණය වීම වළක්වාලයි. පෘෂ්ඨයන්ට පරාවර්තක ආලේපයක් යෙදීමෙන් විකිරණ තාප හානිය අවම කර ගත හැක: මේ සඳහා ඩ්‍යුවර් භාවිතා කලේ රිදී ලෝහයයි.
ප්ලාස්කුවෙහි අන්තර්ගතය, ඇතුලාන්ත බිත්තිය හා සමගින් තාපජ සමතුලිතතාවයට එළඹේ; කුඩා තාප ධාරිතාවක් සහිත තුනී බිත්තිය, අන්තර්ගතය හා සමගින් සැළකිය යුතු තාප හුවමාරුවක් සිදු නොකරන බැවින්, ඒවායේ උෂ්නත්වයන් හට සුළු බලපෑමක් පමණක් එල්ල කරයි. රික්ත ප්ලාස්කු භාවිතා කෙරෙන (සාමාන්‍යයෙන් ජලයේ තාපාංකයට අඩු) උෂ්නත්වයන්, හා පරාවර්තක ආලේපන භාවිතය යන කරුණු ද්වයය හේතුවෙන්, ඉතා කුඩා අධෝරක්ත (විකිරණ) සංක්‍රමණයක් පමණක් සිදු වේ .
ප්‍රායෝගික වශයෙන් සැලකූ කල, ප්ලාස්කුවට අන්තර්ගතය ඇතුළු කිරීමට හා පිටතට ගැනීමට හිඩැසක් තිබිය යුතුය. මෙම හිඩැස හරහා රික්තයක් පවත්වා ගෙන යා නොහැක; එබැවින්, පරිවාරක ද්‍රව්‍යයකින් නිමැවූ ඇබයක් භාවිතා කල යුතු වූ අතර, මේ සඳහා ආරම්භයෙහිදී කිරලද, පසුව ප්ලාස්ටික් වර්ගද භාවිතා කරන ලදි. බොහොමත් තාප හානිය, නොවැලැක්විය හැකි අයුරින්, සිදුවන්නේ ඇබය හරහාය.
අරමුණ හා භාවිත
[සංස්කරණය]එහි අන්තර්තය (බොහෝ දුරට ද්‍රව අවස්ථාවෙහි පවතින, එහෙත් සැම විටම නොවේ) පරිසර උෂ්නත්වයට වඩා ඉහළ හෝ පහළ හෝ උෂ්නත්වයක පවත්වාගෙන යාම සඳහා රික්ත ප්ලාස්කු භාවිතා කරනු ලැබේ . ගෘහස්ත වශයෙන් හා ආහාර කර්මාන්තයෙහිදී, මේවා බොහෝ විට භාවිතා වෙන්නේ, ආහාර සහ බීම වර්ග එක්කෝ සිසිල්ව නැතිනම් උණුසුම්ව තබා ගැනීමය. දර්ශීය ගෘහස්ත රික්ත ප්ලාස්කුවක් විසින් පැය 24 ක කාලයක් පුරා ද්‍රවයක් සිසිල්වද, පැය 8 ක කාලයක් පුරා ද්‍රවයක් උණුසුම්වද තබා ගැනීමට සමත් වේ.
පරීක්ෂණාගාර වලදී හා කර්මාන්තයෙහිදී, රික්ත ප්ලාස්කු බොහෝ විට භාවිතා වනුයේ, පරිසර උෂ්නත්වයට බෙහෙවින් අඩු උෂ්නත්ව වලදී වායුමය අවස්ථාවට එළඹෙන, ඔක්සිජන් හා නයිට්රජන් වැනි ද්‍රව්‍ය, ද්‍රව අවස්ථාවෙහි ගබඩා කර තබා ගැනීමටය; මෙම අවස්ථාවෙහිදී, බෝතලයේ අතිශයින් සිසිල් ඇතුලාන්තය වෙත තාපය කාන්දු වීම තුලින්, ද්‍රවය ලැසි "බුබුලනය"ට පාත්‍ර වී, ඒ හේතුවෙන් ප්ලාස්කුව තුල පීඩනය ගොඩනැගී එය පුපුරා යෑම වලක්වනු වස්, ඇබ-රහිත පටු විවරයක් හෝ පීඩන මිදවුම් කපාටයක් මගින් ආරක්ෂිත කලාවූ ඇබ-සහිත විවරයක් හෝ භාවිත කරනු ලැබේ. ඩ්‍යුවර් ප්ලාස්කුවෙහි අනර්ඝ පරිවරණය හේතුවෙන්, ඉතාමත් ලැසි "උතුරායෑම"ක් සිදුවන අතර, එබැවින්, මිල අධික ශීතකරන උපකරණ වල පිහිට නොපතමින්ම, අන්තර්ගතය බොහෝ කාලයක් දුව අවස්ථාවෙහි තබා ගැනීමට හැකි වෙයි.
NMR සහ MRI යන්ත්‍ර වැනි, සමහරක් භාවිත, ද්විත්ව ඩ්‍යුවර් ප්ලාස්කු භාවිතය මත අතිශයෙන් යැපෙති. මෙම ප්ලාස්කුවල, ඇතුලාන්ත ප්ලාස්කුවෙහි දුව හීලියම් අඩංගු වන අතර, පිටස්තර ප්ලාස්කුවෙහි ද්‍රව නයිට්රජන් අඩංගු කොට, මේවා අතර එක් රික්ත කලාපයක් පවත්වා ගෙන යනු ලැබේ. මිල අධික හීලියම් හානි වීම මෙලෙස අවම කරගනු ලැබේ.
මෙයද බලන්න
[සංස්කරණය]වැඩිදුර කියවීම්
[සංස්කරණය]- බර්ග, ආර්., සැකිල්ල:එ.ජ. පේටන්ට්, "ඩබල් වෝල්ඩ් වෙසල් විත් අ ස්පේස් ෆො අ වැක්යුම් බිට්වීන් ද වෝල්ස්", 1907, දෙසැම්බර 3.